iranama
විවාහය සදහා හත් වැන්න අධිපතියා දොළොස් වැන්නේ සිටිම..
හත් වැන්න හා හත් වැන්න අධිපතියා විවාහයේ පැවැත්ම කෙරේ වැදගත් කාර්යභාරයක් ඉටු කරන්නේ ය. හත් වැන්නේ සිටින ග්‍රහයා මෙන්ම හත් වැන්න අධිපතියා සිටින ස්ථානය ද විවාහය කෙරේ විශේෂ බලයක් ඇති කරයි. විවාහයේ යහපත මෙන්ම අයහපත ද හත් වැන්න අධිපතියා සිටින ස්ථානය අනුව තීරණය කළ යුතුය.
හත් වැන්න අධිපතියා දොළොස් වැන්නේ සිටිය දී එම සංයෝගය හය, අට හා දොළහ අධිපතියන් අශ=භ ග්‍රහයන් වී ඔවුන්ගේ දෘෂ්ටියට ගොදුරු වුවහොත් බිඳ නොවැටුණ ද එහි අවුල් වියවුල් ඇති වී සාමයට සමගියට බාධා පැමිණේ. පවුලේ ප්‍රීතිය, සතුට, සොම්නස අඩු කෙරේ.
වසර ගණන් ප්‍රේමයෙන් සිටි පෙම්වත්තු යුග දිවියට බැඳි මාස ගණනක් ඇතුළත විවාහයේ අවුල් ඇති කර ගනී.
සාර්ථක විවාහ ජීවිතයක් ගත කිරීමට බලාපොරොත්තු වන්නේ නම්, ඊට පෙරාතුව තම පෙම්වතියගේ හෝ පෙම්වතාගේ කේනද්රයේ හත් වැන්න අධිපතියා සිටින ස්ථානය පිළිබඳ පූර්ණ නිගමනයකට එළඹිය යුතුය. හත් වැන්න අධිපතියා දොළොස් වැන්නේ නම්, එම පෙම්වතා හෝ පෙම්වතිය සමඟ යුග දිවියට එළඹියහොත් යුග දිවියේ සතුට වැඩි කලක් භුක්ති විඳීමට ඉඩ නොලැබේ. හත් වැන්න අධිපතියා පාපයකු වී දොළොස් වැන්නේ සිටිය දී වෙනත් පාපයෙකුගේ දෘෂ්ටියකට ගොදුරු වුවහොත් සාමය සමගිය තහවුරු නොවේ. නිතර සණ්ඩු සරුවල් ඇතිවීම නොවැළක්විය හැකිය. මෙවැනි ග්‍රහ තත්ත්වයක් තිබියදී දොළොස් වැන්න අධිපතියාගේ මහ දශාවක් ආරම්භ වී හත් වැන්නට සෙනසුරු පැමිණියහොත් එම කාල සීමාවේ දී යුග දිවියේ විවිධ ආරවුල් ඇති වේ.
අඟහරු නව වැන්නේ බලවත් පාපයකු සමඟ යෝග වී ඇත. කුජ-ශනි සංයෝගය ද විවාහයේ පැවැත්මට හිතකර නොවේ. එපමණක් නොව අඟහරුගේ දෘෂ්ටියෙන් හත් වැන්න අධිපතියා ඛෙහෙවින් දුර්වල වී ඇත. අඟහරුගෙන් හත් වැන්න අධිපතියා දුර්වල වූ විට පවුලේ අවුල් ඇති කරනවාට වඩා සිදු වන්නෙ සහකරුගේ මරණයයි.
බලවත් පාප ග්‍රහයන් හත් වැන්න අධිපතියන් වී දොළොස් වැන්නේ සිටීම විවාහ සහකරුට අපලදායක තත්ත්වයක් ඇති නොකරන නමුත් විවාහයේ අවුල් වියවුල් ඇති කරන්නේය. සෞම්‍ය ග්‍රහයකු බලවත් පාපයකු සමඟ යෝග වීමෙන් එම ග්‍රහයාගේ බලය ඛෙහෙවින් දුර්වල වේ. එබැවින් පාප ග්‍රහයාගේ දෘෂ්ටිය බලවත් වී අශ=භ ඵල ඇති කෙරේ.